කැලණිතිස්ස වසා දැමේ

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එම තීරණය ගෙන ඇත්තේ එහි ඇති ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙනි.

කෙසේ නමුත් අද (19) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද පස්වරුවේ දී එම ජනන යන්ත්‍ර සඳහා වන ඉන්ධන ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරන බව ද වාර්තා වේ.

Exit mobile version