කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම්

කැලණි ගඟ ද්‍රෝනියේ ඉහළ ප්‍රදේශයන්හි ගංඟාවේ ජල මට්ටම මේ වන විට සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

මෙම තත්ත්වය හමුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ගණනය කිරීම් අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක,දොම්පේ, කඩුවෙල,බියගම,‌ෙකාළොන්නාව,කොළඹ සහ වත්තල යන ප්‍රදේශයන්ට ඉදිරි පැය 6-12 කාලය තුළ දී සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන ලෙසයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Exit mobile version