කැසිනෝ වලටත් බදු වැඩි කෙරේ.

කැසිනෝ සඳහා වන බද්දරුපියල් කෝටි 20 – 50 දක්වා 150%කින් වැඩි කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පියවර ගෙන ඇත.

එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද අගෝස්තු මස 01 වනදා සිට මෙසේ ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒත් සමග පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද වන බදු ඉහළ දැමීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත සංශෝධනය කිරීමට ද අවධානය යොමුව ඇත.

ඒ අනුව,

1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කිරීම.

02. වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් පහත බදු වැඩි කර ඇත.

සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා.

  1. රූපියල් ලක්ෂ 06ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීම.
  2. පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.

ඔට්ටු උප නියෝජිතයින් සඳහා වූ වාර්ෂික බද්ද රු.මිලියන 4 සිට අවම වශයෙන් රු.මිලියන 05 දක්වා වැඩි කිරීම.

සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රු.50,000ක සිට රු.75,000 දක්වා වැඩි කිරීම.

මේ සියල්ලටම පසු  එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි සංශෝධනය වී ඇත.

  1. මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අයවේ.
  2. දුම්වැටියකින් 85% කට ආසන්න බද්දක් අය වේ.
  3. අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.
Exit mobile version