කැළණි පාලමේ ඇණ කතා වස්තුව. එච්චර ගාණක ඇණ ගලවන්න බෑ. කියන අයගේ ඇණ මුරිච්ච් තද කරන්න වෙන කතාවක්.

කැළණි පාලමේ ගැලවුනු ඇණ ගැන ඇහුනු වෙනම කතාවක්

යකඩ ඇණ කතා වස්තුව කෙසේද යත්?—

2023 ජූලී 14 වනදා රුපියල් 28 කෝටියක් යනු ඩොලර් 875,866 කි.

එදින ම, යකඩ කිලෝ එකක ජාත්‍යන්තර මිල ඩොලර් 0.1124 කි.

ඒ අනුව රුපියල් කෝටි 28 ක යකඩ යනු කිලෝ 7,792,402 ක යකඩ ය.

එක ඇණයක් කිලෝ පහක් ලෙස ගතහොත් සැදිය හැකි ඇණ ගණන 1,558,480 කි.

අමු යකඩ මිලට නැතිව නිෂ්පාදන වියදමත් ප්‍රවාහන,ආදායම්, ලාභ ගලපා රුපියල් කෝටි 28 ට හදන්නට හැකියාව ඇත්තේ ඔය ගණනින්  හරි අඩකැයි සිතුවද සැදිය හැකි ඇණ ගණන 779,240 කි.

දවසකට ඇණ 1000 ක් බැඟින් ගැලවූව ද,ඔයඇණ ගණන ගැලවීමට දවස් 779 ක් හෙවත් අවුරුදු 2 ක් ගත වේ.

හොරෙන් පොල් කඩනවා වගේ වැඩක් නොවන නිසාත්,මහා පරිමාණ යන්ත්‍ර සුත්‍ර භාවිත කළ බවක් නොපෙනෙන නිසාත්, කුඩ්ඩන්ගේ වැඩක් යැයි කියන නිසාත් උපරිම වාසිය තැබුවත් දිනකට ඇණ 100 කට වඩා ගලවතැයි සිතීමට කිසිඳු හැකියාවක් නැත.

ඒ නිසා අඩුම ගනනේ ඔය ඇණ ප්‍රමාණය ගැලවීමට අවුරුදු 21 ක්වත් යා යුතුය.

නව කැළණි පාලම විවෘත කළේ 2021 නොවැම්බර් 24 ය .එදා සිට අද දක්වා දින 599 කි.ඒ අනුව ඇත්තටම දිනපතා කුඩ්ඩන් ඇණ ගැලෙව්වා කියා සලකතොත් දිනකට ගැලවිය යුතු ඇණ ප්‍රමාණය 1300 කි.එනම් සෑම විනාඩියකටම ඇණයක් බැගින් නොනවත්වා ගැලවිය යුතුය

එහෙම බලන විට අපි කාගේ කාගේත් කිරිපල්ල ඉක්මනින් අත ගා ඇණ මුරිච්චි ඉතිරි වී ඇත්දැයි බලා ගැනීමට කාලය එළඹ ඇත.

ඕවා ආරක්ෂා කරන්නට අධික්ෂණය කරන්නට පඩිකන අයගේ ඇණ මුරිච්චි පරික්ෂා කර කර ඉන්නවාට වඩා රක්නා ලංකා එකට ආරක්ෂාව භාර දීම ප්‍රායෝගිකය

(අමු යකඩ හා නිෂ්පාදිතය අතර අනුපාතය 10:1 ක් ලෙස ගතහොත්:

.ඒ කියන්නේ ඇණ 77,924 ක්. එක ඇණයක් (සවිකරලා ඉවරවෙනකොට කියලා හිතුවත්) රුපියල් 4000 ක් ගිහිල්ලා තියෙනවා එකකට.ඒත් දිනපතා නොනවත්වා ඔය දවස් 599 ට දවසකට ඇණ 130 ගානේ, පැයකට ඇණ 5 ගණනේ පැය 24 ම ගලවන්න ඕනී. දවල් දවසෙ නැතිව හවස 6 උදේ 6 ගැලෙව්වොත් පැයකට 10 ගානේ ගලවන්න ඕනී.

ගලවපුවා මිලදී ගත්තේ සත්‍ය වටිනාකමින් 1/4 කට කියලා හිතුවත් ,රුපියල් මිලියන 70 ක් ගෙවන්න පුළුවන්, ගබඩා පහසුකම් තියෙන එකෙක් මිළ දී ගන්න ඕනී.ඒ කවුද?)

පසු එකතු කිරීම=================

කැලණි පාලමේ කෝටි 28ක ඇණ ගැලවලා කියනවනේ. ඕකේ නොගැලපෙන තැන් කීපයක් තියෙනවා.

පලවෙනි කාරණේ තමා වටිනාකම. ඕකට දාලා තියෙන ඇණ බොහෝවිට M48 බෝල්ට් සහ නට් වෙන්න පුලුවන් බං.(M48 කියන්නෙ බෝල්ට් ඩයමීටර් එක මිලිමීටර්  48ක්). සමහරවිට ඊට වඩා සයිස් කීපයක් අඩු හෝ වැඩි වෙන්නත් පුලුවන්. (ඒ කියන්නෙ M32 හෝ M52 වගේ). කොහොම උනත් එවගේ ප්‍රයිස් එක ඩොලර් 80-100  වගේ. ලංකාවේ සල්ලි වලින් 17500ක් 22500ක් වගේ. ඒ කියන්නෙ ඔය කියන වටිනාකම එන්න ඇණ 12,500ක් වගේ ගලවන්න ඕන. මුලු පාලමටම එච්චර ඇණ තිබ්බද කියලා සැකයි.

දෙවෙනි කාරණේ ඔය ඇණයක් සාමාන්‍ය මනුස්සයෙකුට ගලවන්න පුලුවන් ද කියනෙක. ඕක ග්‍රේඩ් 8.8 බෝල්ට් එකක් කියලා ගත්තොත් (සාමාන්‍යයෙන් ඔය වගේ ඇප්ලිකේෂන් වලට ගන්නෙ ග්‍රේඩ් 8.8) ඕක තද කරන්න නිව්ටන් මීටර් (Nm) 5000ක විතර ටෝර්ක් එකක් ඕන වෙනවා. ගලවන්නත් ඒ ගානම හෝ ටිකක් වැඩි අගයක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් අතින් තියා ස්පැනර් එකකින්වත් ඒ වගේ ටෝර්ක් එකක් දාන්න බෑ. ගොඩක් වෙලාවට ගන්නෙ ඔය වගේ ඇණ තද කරන්න තියෙන හයිඩ්‍රොලික් ටූල් එකක්. ඒකක් සාමාන්‍ය මනුස්සයෙක් ගාව තියෙයිද කියනෙක සැකයි. එහෙම නැත්තං M48 ඉම්පැක්ට් ස්පැනර් එහෙකට දිග යකඩ පොල්ලක් හයි කරලා අනික් කෙලවරට කුළුගෙඩියකින් ගහන්න ඕන. ඒකට ඉතිං සෑහෙන වෙලාවක් යනවා. අනික හොරෙන් කරන්න නං බෑ, පැත්ත පළාතටම ඇහෙනවා.

ඊලඟ කාරණේ ඔය වගේ ඇණ ප්‍රමාණයක් ගලවන්න යන වෙලාව. සාමාන්‍යයෙන් ඔය සයිස් එකේ බෝල්ට් ගලවලා හයිකරලා තියෙන හන්දා  කියන්නෙ, ඔය එක ඇණයක් ගලවන්න අඩුම විනාඩි 5 ක්වත් යනවා.(අර හයිඩ්‍රොලික් ටූල් එකක් පාවිච්චි කරත්). එහෙම බැලුවොත් ඇණ 12,500ක් ගලවන්න විනාඩි විනාඩි 62,500ක් නැත්තං පැය 1041ක් නැත්තං දවස් 43ක් යනවා. ඒ අඩුම මිනිස්සු දෙන්නෙක් ස්පෙෂල් ටූල් එකක් අරන් නොකා නොබී වැඩ කරොත්. එහෙම දවස් ගාණක් ‍යනකං මොකෙක්වත් ඕක දැක්කෙ නැත්තං ඒක ලොකුම ප්‍රශ්නයක්.

මං කියන්නෙ නෑ කැළණි පාලමේ ඇණ ගලවලා නෑ කියලා. මං කියන්නෙ ඔය කියන තරම් ප්‍රමාණයක් ගලවන්න විදියක් නෑ කියලා

 Vajira De Silva ( මුහුණු පොතෙනි) බුද්ධියේ විමසුමට.

Exit mobile version