කෑගල්ලේ ගුරුවරයෙක් දරුවෙකුගේ කන පළලා!. එස් පි ගුරා බේරලා!. අධිකරණයත් නොමග යවලා!

කෑගල්ලේ ස්වර්ණ ජයන්ති පාසලේ ජාතික පාසල් ගුරුවරයෙක් 9 වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහර දී තිබෙන පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ. එසේ පහරකෑමට ලක්ව තිබෙන්නේ පොලිස් සැරයන්වරයෙකු පුතෙකු බවත්, පහර දී තිබෙන ගුරුවරයා බේරා ගැනීම සදහා පොලිසියේම එස් පි කෙනෙක් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, ඒ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ අධිකරණය නොමග යන අයුරින් බවටත් අපට තොරතුරු ලැබී තිබේ.

දරුවෙකුගේ මුහුණට කම්මුල් පහර දීම නීති විරෝධී වන්නේ එය ශාරීරික හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට හේතු වන බැවිනි. දරුවෙකුට කම්මුල් පහර දීම විශේෂයෙන් හානිකර විය හැක්කේ එයට ශාරීරික බලය ඇතුළත් වන අතර වාචික අපහාසවලට සාමාන්‍යයෙන් ශාරීරික සම්බන්ධතා ඇතුළත් නොවන බැවිනි.

2023.09.05 දින තුන් වන කාලපරිච්ඡේදයේදී 9 වසරේ සියලුම සිසු සිසුවියන්ට ප්‍රධාන ශාලාව වෙත පැමිණෙන ලෙස නිකුත් කරන ලද නිවේදනයකට අනුව සියලුම සිසුන් ප්‍රධාන ශාලාව වෙත යන අතරතුරදී පහර දි තිබෙන ජයතිලක නැමැති ගුරුවරයා දරුවන් අසලින් ගමන් කර තිබේ .දරුවන්ගෙන් ඔහු ප්‍රශ්න කර තිබෙන්නේ “ කොහෙද යන්නේ “ ලෙසයි. දරුවන් එයට පිළිතුරු ලබා දී තිබේ. එම ගුරුවරයා එහෙනම් හරි යන්න ලෙස පවසා තිබෙන අතර එහි සිටි පිරිමි දරුවෙකු හරි හරි සර් යනවා ලෙස ප්‍රකාශ කර තිබේ.

එම වචනයට කිපුණු ගුරුවරයා එම දරුවාට ම්ලේච්ඡ ලෙස පහර දී ඇති අතර තවත් දරුවෙකුට ද පහර දී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

දරුවාට පහර දීම පිළිබදව දෙමාපියන් හෝ විදුහල්පතිවරයා ද සොයා බලා නොමැති අතර දෙමාපියන් ද දරුවාගේ හිත සනසමින් ගුරුවරයා සුදනෙක් කර තිබේ. කෙසේ නමුත් පීඩාව දරා ගත නොහැකි වූ තැන 2023.09.06 වැනි දින රෝහලට ඇතුළත් කර ඇති අතර 2023.09.07 වන දින ශල්‍යකර්මයකට ද භාජනය කර තිබේ. ශල්‍යකර්මයට භාජනය කළ දිනම දරුවා රෝහලෙන් ටිකට් කපා ඇත. එයට සැක සහිත වන තවත් සිදුවීමක් ලෙස එම වාට්ටුවේම සිටි හෙදියගේ උවමනාවට වෛද්‍යවරුන් හා එක්ව ටිකට් කැපූ බවට ද චෝදනාවක් එල්ල වේ. එම හෙදියගේ සැමියා ද ගුරුවරයෙක් බවත් එම ගුරුවරයා ද මීට පෙර එම ආකාරයෙන්ම දරුවෙකුට පහර දී කන පලා තිබෙන බව ද වාර්තා වී තිබේ.

අපරාධ නීතියට අනුව සිද්ධියම වූ දින දරුවා රෝහල් ගත කළේ නම් නීතිමය කරුණුවලදී වඩා වටිනාකමක් එකතු වේ. නමුත් දරුවාට පහර දුන් අවස්ථාව පිළිබදව සාක්ෂි පිණිස දරුවන් සිටී. එම දරුවන්ට ද බලපෑමක් නොවන ලෙස ස්වාධීනව කටයුතු කිරීමට පොලීසිය දැනගත යුතුය. එසේ වුවත් එසේ නොවන බවට හේතුව ලෙස අප අනාවරණය කරගෙන තිබෙන්නේ පොලිසියේ එස් පි කෙනෙකු මෙම පහර දුන් ගුරාගේ හොදම යහළුවෙකු බවත්, ඔහුගේ බිරිඳ ගුරුවරියක් නිසාත් ඔවුන් එකතුව සත්‍ය කරුනු අධිකරණයට වාර්තා කිරීම වලක්වා තිබෙන බවට සැක කල හැකි තොරතුරුද ලැබී තිබෙන බැවිනි.

දරුවෙකුට පහර දී ගුරුවරයෙකුට නිදැල්ලේ සිටිය නොහැක. ඔහු දරුවෙකි. ගුරුවරයා වැඩිහිටියෙකි. දරුවන්ගේ විවිධත්වය හදුනා ගෙන ඒ ආකාරයෙන් කටයුතු කිරීමට ගුරුවරයාට නොහැකි නම් ඔහු ගුරුවරයෙක් වන්නේ නැත. එවැනි ගුරුවරුන් සමාජයට දායාද කරනුයේ වෛරී දරුවෙකි. එබැවින් ගුරුවරයාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විනයානුකූලව කටයුතු කල යුතුය. පොලිසිය, අධ්‍යාපන බලධාරීන් මෙන්ම රෝහල්වලින්ද දරුවන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් මේ රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න සිහිනයක් පමණක් වනු ඇත.

සාමාන්‍ය සමාජය හිර කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විවිධ අනපනත් වලින් බලය ලබා දීමට රාජ්‍ය දේශපාලන නායකයන් කටයුතු කලත් රාජ්‍ය නිලධාරීන්ගේ මෙම දුෂිත මාෆියාව අවසන් කිරීම වෙනුවෙන් කටයුතු නොකිරීමෙන් සමස්ත සමාජයම විනාශ වන බව හදුනා ගැනීමට දේශපාලන නායකයන් අපොහොසත්ව තිබෙන බව පෙනී යයි.

කෙසේ වෙතත් මෙම දරුවාගේ සිද්ධිය යට ගැසීමට කටයුතුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. අධිකරණයට සත්‍ය වාර්තා කර නොමැත්තේ නම් එය සිදුකල නිලධාරීන්ට එරෙහිවද කල යුත්තේ කුමක්ද යන්න නීතිය තුල මනාව සටහන්ව තිබේ.

මෙසේ පහරකෑමට ලක්වන ළමුන් දරුවන් ශාරීරික ආක්‍රමණශීලී වීමට , දූ, දරු, දෙමාපිය, ගුරු ගෝල සම්බන්ධතාවයට හානි වීම, යොවුන් වියේ මානසික අවපීඩනය වැඩි වීම, අඩු ආත්ම අභිමානය ආදී කරුණුවලට හේතු වේ. ඉන් රටට හිමිවන්නේ කුමක් හෝ ලෙඩක් සහිත දුෂිත දරු පරපුරකි. මනෝභාවය වෙනස් වූ , ජයග්‍රහණ අඩු, ආක්‍රමණශීලි දරුවන්, කෙටි කාලින සහ දිගු කාලින තුවාල, මෙන්ම මේ සියලුම දේවල් වලින් සිදුවන අයහපත මෙන්ම හානිය තව තවත් දරුණු වේ. එය එසේ වන්නේ සමස්ත සමාජයක්ම දරුවන්ට එරෙහිව කටයුතු කිරීම හේතුවෙනි (චායාරූපය සිද්ධියට අදාළ නොවේ. අන්තර්ජාලයෙනි)

Exit mobile version