කෑගල්ලේ ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ සිසුවියන්ට මත්පෙති බෙදලා. SP කෙනෙක්ගේ බිරිඳක් සියල්ලම යටපත් කරලා.

කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ 6,7,8 පන්තිවල ඉගෙනුම ලබනා සිසුවියන්ට යම් මත්වීමට තුඩු දෙන පෙතිවර්ගයක් ලබා දී තිබෙන බවත්, එම සිද්ධින් වසන් කිරීමට එම පාසලේම උගන්වනු ලබන පොලිසියේ එස් පී කෙනෙකුගේ බිරිඳක් කටයුතු කර තිබෙන බවටත් වන පුවතක් අප වෙත වාර්තා වී තිබේ.

කෑගල්ලේ ප්‍රසිද්ධ ෆාර්මසියක දියණියක් මෙම විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන බවත් එම දියණිය විසින් මෙසේ මත්වන යම් පෙතිවර්ගයක් එම පන්තියේ ගැහැණු දරුවන් 15 දෙනෙකුට ලබා දි තිබේ. මෙම සිද්දිය වාර්තා වූ වහාම එම සිද්ධිය විදුහල්පතිනිය දක්වාම පැමිණිලිකර තිබුනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙම අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රදේශයේ එස් පි කෙනෙකුගේ බිරිඳක් බවත්, එම බිරිද විසින් සියල්ලම යටපත්කරමින්, මෙම ෆාර්මසියේ හිමිකරු පාසලට උපකාර කරන බවත් පවසා සිද්ධිය වසන්කර තිබේ.

ඉන් අනතුරුව තවත් කණ්ඩායමක් මෙම පාසලේම 6,7 සහ 8 වසරවල් වල දරුවන්ටද මෙසේ මත් පෙති වර්ගයක් ලබා දි තිබේ.

ඒ අනුව මෙම පෙතිවර්ගය කුමක්ද?, ඒවාට ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ අනාගතයට කුමක් වේවිද? සෙවීම බලධාරීන් සතු වගකිමකි. 9 වසරේ ඉගෙනුම ලබන්නේ දියණියක් බවටද, ඇය දරුවෙක් බවද මතකයේ තබාගෙන කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීම වේ. පරීක්ෂණ කණ්ඩායම් නිසි ලෙසම ක්‍රියාත්මක වන්නේ නම් පමණක් සහ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ලිඛිත ඉල්ලීමක් මත අදාළ තොරතුරු සොයාගැනීම සදහා අවශ්‍ය උපකාර ලබා දිය හැකිය.

ඒ අනුව මෙම සියලුම දරුවන් ආරක්ෂා කිරීම රටට හිතැති දරුවන් සිටිනා දෙමාපියන්වන නිලධාරීන්ගේ වගකීමක් වේ. පළමුව මත්වන පෙත්ත, ඉන් පසුව ටිකෙන් ටික මත්ද්‍රවය වලට හුරුවන්නේ ඔවුන්ටත් නොදැනීම බව අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. (චයරුපය – අන්තර්ජාලයෙනි)

Exit mobile version