පාරිභෝගිකයින් ප්‍රකාශ කරන පරිදි රජයෙන් පාලන මිලක් නියම කර තිබුණද එම මිල ඉක්මවා වෙළඳුන් බිත්තර අලෙවි කළත් මේ වන විට වෙළඳපල තුළ බිත්තර හිඟයක් මතුව ඇත.
රජය විසින් පසුගිය අගෝස්තු මස 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සුදු බිත්තරයක් රුපියල් 43 ක හා රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලකට යටත්ව අලෙවි කළ යුතු බවට නියෝග කර ඇත.
නමුත් බිත්තර නිෂ්පාදකයින් විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකින් පසුව බිත්තරයක් රුපියල් 50 ක උපරිම මිලකට අලෙවි කිරීම සඳහා වාචික එකඟතාවයකට පැමිණ තිබුණි.
කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් ප්‍රකාශ කරන්නේ බිත්තර නිෂ්පාදකයින්ගෙන් තමන්ට බිත්තර ලැබෙනුයේ රජයේ පාලන මිල ඉක්මවූ මිලකට බවයි.එම නිසා ඔවුන් බිත්තර අලෙවියෙන් ඉවත්ව ඇත.
මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරන්නේ ඇති වී තිබෙන බිත්තර හිඟයට පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකලාපය හේතු වී ඇති බවයි.
කෙසේ නමුත් රුපියල් 50 ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයට ඔවුනොවුන් කඹ අදිද්දී පිඩාවට පත් වන්නේ අසරණ ජනතාව බව සිහි තබා ගත යුතුමය.