කිරිපිටි ආනයනය කිරීමේ දී ඒ මත පනවා තිබූ සියලුම ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ,ඊයේ (09) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,
“සීනි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් තියනවා.දැනට රට සතුව මාස තුනකට අවශ්‍ය සංචිත පවතිනවා.මොකද සීනිවල බදු අඩු කිරීමක් කලාට පස්සේ විශාල ප්‍රමාණයක් රටට සීනි ආනයනය කළා ඒ නිසා සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නෑ.මේ ගැන අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරල තියනවා.ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වෙලා තියනවා.එක සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොලොත් බව පැවසීම.නමුත් රට සතුව ගෑස් සංචිත තියනවා.“