කිරිපිටි හිඟය පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමේ බලය බැසිල්ට.

මේ දිනවල පවත්නා කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබේ.

ඊයේ (09) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී රටතුල පවත්නා කිරිපිටි හිඟය පිළිබඳව අවධානය යොමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළේ ය.

ඒ අනුව මෙම ගැටළුව පිළිබඳ සලකා බලා කරුණු අධ්‍යයනය කර කිරිපිටි මිල ඉහළ නැංවීමකින් තොරව දේශීය වෙළඳපොළට සැපයීය හැක්කේ කෙසේද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය වී තිබේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මගින් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම තුළින් මෙම ගැටලුව විසඳිය යුතු බව එහිදී තීරණය වී ඇත.

Exit mobile version