පෙබරවාරි 25 / 26 පැවැත් වූ ISAC අන්තර් ජාතික පාසැල් අතර වන ක්‍රීඩා තරගයේ වයස අවුරුදු 14 න් පහළ 80 m , 100m සහ 100× 4 සදහා තරග වැදීමට සිටි දක්ෂ 12 හැවිරිදි මලල ක්‍රීඩිකාවගේ පියා සහ මව සහ විදුහල්පතිනිය අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම දැරියට පාසැල මෙන්ම ක්‍රීඩා තරග තහනමක් ද පනවා ඇත.
මෙම තහනම හේතුවෙන් මෙතෙක් පුහුණුවීම් කර තරග වැදීමට උනන්දුවෙන් සහ ආසාවෙන් බලා සිටි තරග වලට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන් දැරිවිය මානසික පසුබෑමකට ලක්ව සිටී.
2023/02/21 දින සාමාන්‍ය පරිදි උදෑසනම ISAC ක්‍රීඩා තරග පුහුණු වලට සහභාගී වී පාසැලට පැමිණි මෙම දැරියට වාචික හිරිහැර සහ අපහාස කිරීමක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පාසැලේ විදුහල්පතිනිය ළමයින්ට මෙන්ම දෙමාපියන්ටද අගෞරව කරමින් කතා කරන අයෙකි.
මෙය ළමයාගේ මූලික අයිතිවාසිකම් කඩවීමකි. එමෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ වීඩියෝව සිදුවීමේ එක් කොටසක් පමණි. කතාව සම්පූර්ණ විය යුතුමය.