පසුගිය 28 වනදා උදෑසන කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයකුට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒම සැකකරුවන් දෙදෙනා ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය සදහන් කර තිබේ.
වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය හා කොටන තුවක්කුවද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් යතුරු පැදියකින් පැමිණ කොටන තුවක්කුවක් උපයෝගී කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව හා දෙපිරිස අතර කලක පටන් පැවත එන ආරවුලක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් මුලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් කිලිනොච්චිය තිරුනගර් ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔහුන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
කිලිනිච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.