කිලෝ මීටර් 7 ක වාහන පෝලිමකින් හැටන් හිර වෙයි!

නවම් පුන් පොහෝය සමග පැවති දින තුනක සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.


මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නවම් පුන් පොහෝය යෙදි තිබු 23 හා සෙනසුරාදා යෙදි තිබු 24, වන දිනද අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ඉතිරි ගිය බවත්ය.


මෙම රථ ගාල් මෙසේ පිරි යාමත් සමග තවත් වන්දනාකරුවන් රැගෙන පැමිනි රථ වාහන රාශියක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් 07ක් පමන දුරට මාර්ගය අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවද එම නිලධාරියා පැවසිය.


මෙසේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.


මෙම දින දෙක තුල ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් නල්ලතන්නිය අතර අතිරේක බස් රථ ගනනාවක් යෙදවිමට පියවර ගත් බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය.


දුම්රියෙන් පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් නල්ලතන්නිය අතර දිවා රාත්‍රි තම ඩිපෝව මගින් අතිරේක බස් රථ යෙදවිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසි.

Exit mobile version