කිසිම රෝගියෙකු අපහසුතාවට පත් වීමට ඉඩ දෙන්න එපා. ජනපති කියයි.

කිසිම රෝගියෙකු අපහසුතාවයට පත්වන්නට ඉඩ නොතබන ලෙසද, ඔවුන්ට නිසි ලෙස තම ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ලබා දිය යුතු බවද , රෝහල් මට්ටමින් එම අපහසුතාවයන් වලක්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසද, ඒ සදහා මැදිහත් වන ලෙසද අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ට සෘජුවම මැදිහත් වන ලෙසද,  අති ගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පැවති එන්නත්කරණය සහ කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී මේ බව අවධාරණය කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර නිකුත් කල මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මෙහි වැඩි දුරටත් සදහන්ව ඇත්තේ , වැඩි දුරටත් කරුණු දක්වමින්  ජනාධිපතිතුමා කියා ඇත්තේ  කොවිඩ්  රෝගය පැතිරීම පාලනය කිරීම සදහා නිරන්තරයෙන්ම කටයුතු කිරීම සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම බවය.

මෙහිදී අදහස් දක්වා ඇති  විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා ඇත්තේ  වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සදහා සැප්තැම්බර්  මස වන විට එන්නත් ලබාදීමට හැකි වන ලෙස එන්නත් ඇණවුම් කර තිබෙන බවද, තෙවන මාත්‍රාවක් ලබා දීමට වුවද රජය සූදානම් වුවත්, ජනතාවගේ පැත්තෙන් රෝගය පැතිරීම පාලනය කිරීමට ලැබෙන සහාය අවම බවය.

ගත වූ මාසය තුල රට පුරා උද්ඝෝෂණ 120 ක් තිබුණු බවද ඒ සියලු උද්ඝෝෂණ සදහා එක වර 1500 කට වැඩ සහභාගී වී තිබෙන බවද බුද්ධි අංශ අනාවරණය කල අතර ඒ හේතුවෙන් කොවිඩ් රෝගය රට පුරා වේගයෙන් පැතිරීමට හේතු වූ බවද බුද්ධි අංශ පෙන්වා දී තිබේ.

මාධ්‍ය නිවේදනය මෙතනින් ගන්න.

Exit mobile version