දින කිහිපයකින් ලක්ෂ 300 ක් හොයපු හැටන් ලංගම සේවකයෝ

පසුගිය සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන් ඇතුළු මගින් ප්‍රවාහනය කිරිමෙන් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 103ක ආදායමක් උපයා ගැනිමට හැකිව ඇත.


මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ පසුගිය 16, 17, 18යන තෙදින තුලදි ශ්‍රිපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අතුළු මගී ප්‍රවාහන කටයුතුවලින් රුපියල් ලක්ෂ 38, 33, 32, වශයෙන් රුපියල් ලක්ෂ 103නක ආදායමක් උපයා ගැනිමට හැකිවු බවත්ය.


මේ අනුව මෙම මාසයේ පසු ගිය සති අන්තයන් තුනවන වන 02, 03, 04,– 10, 11, 12,–16, 17, 18, දිනවලදි මෙම ඩිපෝව මගින් ශ්‍රිපාද වන්දනාකරුවන් ඇතුළු මගි ප්‍රවාහන කටයුතුවලින් පිලිවෙලින් රුපියල් ලක්ෂ 107, ලක්ෂ 106, ලක්ෂ 103 වශයෙන් රුපියල් ලක්ෂ තුන්සිය දාහසයක (316) ආදායමක් උපයා ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.


මෙම ඩිපෝවේ සියළුම සේවක පිරිසගේ දැඩි කැපවිම මත දිවා රෑ නොතකා ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණන වන්දනාකරුවන් ඇතුළු සෙසු මගී ප්‍රවාහන සේවාවලින් මෙතරම් ආදායමක් උපයා ගැනිමට හැකිවු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Exit mobile version