කුකුල් ගොවිපලක් ගිනිගනියි

කොටදෙණියාව – වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක් තුළ ගින්නක් හටගෙන ඇත.

ඉන් සතුන් 8,200ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

එම ගොවිපලේ බිත්තර රකිමින් සිටි කිකිළියන් සහ තවත් කුකුළන් පිරිසක් මෙලෙස ගින්නට හසුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (11) පෙරවරුවේ අදාළ ගින්න හටගෙන ඇති අතර මේ වන තෙක් ගින්නට හේතුව නිෂ්චිත වශයෙන් අනාවරණය වී නොමැති අතර මිගමුව සහ ගම්පහ ගිනි නිවන ඒකක මගින් ගින්න පාලනය කර ඇත.

Exit mobile version