කුකුළා පළාත් පාලන තරගයට.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුකුළා ලකුණින් තම පක්ෂය තරග කරණ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පවසා තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ සෑම පළාත් පාලන ආයතනයකම තරග කරණ අපේක්ෂකයන් කුකුළා ලකුණින් තරග කිරීමට එකගතාවයකට පැමිණ තිබේ.

එම පක්ෂයේ ලේකම්, නායකයන් හා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කරණ අපේක්ෂකයන් සමග ඊයේ (5)කොළඹ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගත් බව කනපති කනගරාජ් මහතා පවසා තිබේ.

Exit mobile version