කුට්ටම් පොකුණේ කිඹුලෙක් – සංචාරකයන් අනතුරේ

අනුරාධපුර කුට්ටම් පොකුණේ කිඹුලකු සිටින බව එහි සංචාරය කරන මහජනතාව පෙන්වා දී ඇති අතර එම කිඹුලා වරින් වර දර්ශනය වේ. එහි කිඹුලෙක් සිටින බවට පුවරුවක් එක් පැත්තක පමණක් දක්නට හැකිය.

කිඹුලන් වැනි සතුන් ජලය සහිත ස්ථානවල සිටීම සුලබය. නමුත් බොහෝ සෙයින් සංචාරකයන් ගැවසෙන ස්ථානයක් වන කුට්ටම් පොකුණ වැනි ප්‍රසිද්ධ ස්ථානයක මෙවන් අනතුරුදායක සතෙකු සිටීම අනතුරක් වීමට ඇති අවස්ථා බොහෝය .

 වැඩි වශයෙන් කුඩා දරුවන් පොකුණේ සිටින මාලුන් හට ආහාර දැමීමට පොකුණ අසලටම යන අවස්ථාවන් දක්නට ලැබේ. පොකුණ අවට එක් ස්ථානයක පමණක් කිබුලකු සිටින බෝර්ඩ් කැබැල්ලක් ප්‍රදර්ශනය කොට තිබේ. එය ද ක්‍රමවත්ව  දැනුම් දීමක් ලෙස නැත.

වග කිවයුතු නිලධාරීන් බලා සිටින්නේ මෙම කිඹුලාගෙන් යෙකුට අනතුරකට පත් වනතුරුද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් වගකිවයුතු බලධාරියකු විසින් සංචාරකයන් හට  අනතුරක් වීමට පෙර මේ පිළිබද ඉතා ඉක්මනින් කටයුතු කොට ජනතාව සුරක්ෂිත කළ යුතුය. එසේ නොමැතිව පසුව කටයුතු කිරීමෙන් පලක් නැත.

Exit mobile version