කුඩාම්මාගේ හිංසනය පොලීසිය ඉදිරියේ

වයස අවු:11 ක දියණිය තම කුඩාම්මාගෙන් එල්ල වන හිරිහැර හොරොව්පතාන පොලීසිය වෙත කියා සිට ඇත

දියණියගේ මව අවුරුදු පහකට පෙර මිය ගොස් ඇති අතර තමන්ව බලා ගැනීමට පියා විසින් ගෙන ආ වැන්දඹු කාන්තාව තමන්ට දැඩි ලෙස හිරි හැර කරන අතර කුඩාම්මාගේ දියණියට ආදරේ කරන බව ඇය නීතිය ඉදිරියේ පවසා තිබේ

ඒ සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන හතළිස් එක් හැවිරිදි කුඩාම්මා පොලිස් අත්තඩංගුවට පත් කර ගෙන ඇති අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් මහතා සහ ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති රංජනී මහත්මිය ඇතුළු නිළධාරීන් වැඩි දුරටත් ඒ සම්බන්ව පරීක්ෂන ආරම්භ කොට තිබේ.

Exit mobile version