කුඹුරට බිලි වූ පහළොස් හැවිරිදි දරුවා

Dead woman lying on the floor under white cloth with focus on hand

ඊයේ (16) පෙරවරුවේ 15 හැවිරිදි දරුවෙකු කුඹුරකට වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.

එසේම මෙම මරණය සිදු වී ඇත්තේ අදාළ සිසුවා පාසල් යාමට ප්‍රථම කුඹුරු වැඩ කරමින් සිටි තම පියාට පැල වී උරයක් කුඹුරට දී ආපසු නිවසට යන අතරතුරදී කුඹුරු ලියද්දකට වැටී ජලය පෙවී හුස්ම හිරවීම නිසා බව ඇහැටුවැව පොලීසිය සඳහන් කර තිබේ.

එමෙන්ම මියගිය දරුවා ඇහැටුවැව පාසලක ඉගෙනුම ලබමින් සිටි අතර ඇහැටුවැව අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේ වෙතත් කුඩා දරුවන් පිළිබඳව දිනෙන් දින මෙවැනි ඛේදනීය පුවත් වාර්තා වන පසුබිමක දරුවන් පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

Exit mobile version