කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ අවසරය මත පමණයි.

පාර්ලිමේන්තුවේ පැවති උපදේශන කාරක සභාවේදී  කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අවධානය යොමු කළ අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් සිදු කරන ලෙසයි.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට නියමිත සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබදවද සාකච්ඡා කළ බව වාර්තා වේ.

මේ වන විට මෙරට පවතින්නේ 1907 දී සම්මත වූ සත්ත්ව හිංසනය වැළැක්වීමේ පනත බවත් නව ජාත්‍යන්තර නීති අනුව මෙය සකස් විය යුතු බවත් මෙම නීති සකස් වීමේදී කෘෂිකාර්මික හා සංස්කෘතික කටයුතු සදහා සතුන් යොදා ගැනීමේදී ඊට බලපෑමක් නොවන ආකාරයට මෙම නීති  සකස් විය යුතු බවත් මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බව කියයි.

එමෙන්ම මෙයට අදාළව ලිඛ්ත ඉල්ලීම් සහිතව නැවත සති දෙකකින් සාකච්ඡා කිරීමට තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version