ඊයේ (15) පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙහි ලක්ෂ ගණනාවක බෞද්ධ බැතිමතුන් කූරගල පුදබිම වන්ධනා කිරීම සදහා පැමිණි බව වාර්තා වේ. එම ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ. උදෑසන සිටම කිලෝ මීටර් ගනනාවක් නොකඩවා බෞද්ධ ජනතාව ඉහලට සහ පහලට ගමන් කර තිබේ. එසේම එම පූජා බුමිය තුලද දැඩි තදබදයක් ඇතිව තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලීසිය පැමිණි ජනතාව ඉතාම මැනවින් පාලනය කර තිබේ.