කුරුන්දී විහාරයේ දී යූප ගලක් ශිව ලිංගයක් කරන්න හදලා – ඇත්ත කතාව එළියට

මුලතිව් හි පිහිටි කුරුන්දි විහාරය උතුරේ ඇති ප්‍රධානතම බෞද්ධ විහාරස්ථාන අතරින් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඇතැම් පිරිසක් පසුගිය කාලයේ එම විහාරස්ථානයේ නටඹුන් අතරින් ශිව ලිංගයක් හමුවූ බව පවසමින් ජාතිවාදී සහ ආගම්වාදී මතවාදය ප්‍රචාරය කළ බවයි.

මේ පිටුපස ඇතැම් දේශපාලඥයින් සහ උතුරේ ඉතිහාසඥයින් කිහිපදෙනෙකු සිටින බවද ඔහු හෙළි කර තිබෙනවා.

මෙරට පුරාවිද්‍යා උරුමයන් ජාතිවාදයට ඈඳා නොගත යුතු බවත් සත්‍ය ලෙසම ඉතිහාසකරණය කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

https://fb.watch/lLAb758-J1/

Exit mobile version