යතුරු පැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදිකරු සහ එහි ගමන් කල අවුරුදු 4 ක දරුවෙකුද මිය යාම නිසා ඩිෆෙන්ඩර් රථය ගිනි තැබීමට කටයුතු කර තිබුනේ ඊයේ (01) කුලියාපිටියේදීය. කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය ඉදිරිපිටදී එය සිදු වී තිබුණි. මෙසේ මිය ගොස් ඇත්තේ පියා සහ පුතාය.
එම අනතුරට සමබන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කල 14 හැවිරිදි ළමයෙකු සහ රථයේ ගමන් ගත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. අනතුරට හේතුව ලෙස සදහන් වන්නේ අවුරුදු 14 ක් බාලවයස්කරු මෙම රථය පදවා තිබීමයි.