පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනුණු බවත් එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බව වාර්තා වෙයි.
කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති අතර මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයා මෙලෙස රේගු අත්අඩංගුවට ගත් අතර ඉතාලියේ සිට ගෙන්වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සහ අමෙරිකාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.5ක් මීට පෙර සොයා ගෙන තිබේ.
ගෙවීගිය මාස තුනක කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අතර කුෂ් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය වන බවත් කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී පසුගියදා සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිරීක්ෂණය කිරීම සඳහා අද (16) ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගියා අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා තිබේ.