කුෂ් ළඟ තබා ගත් පුද්ගලයෙකුට වැඩ වැරදී

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කුෂ් නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු වයස 52 හැවිරිදි ලක්ෂපති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මොහුව  අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 -ෆර්ක් වීදිය ප්‍රදේශයේදී ය.

සැකකරු ළඟ තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 270 ක් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version