රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල කුලරත්න මාධ්‍ය මහා විද්‍යාලය තුල සිසු දරු දැරියන් 1800 ක් පමණ ඉගෙනුම ලබයි. 1AB ශ්‍රේණියට අයත් මෙම පාසල 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන ද්විතීයික පාසලක් වන අතර මෙම පාසල ප්‍රදේශයේ තිබෙන ප්‍රධානතම සහ පැරණිතම පාසලකි.
මෙම පාසලේ ඉගෙනුම ලබන සමස්ත සිසු දරු දැරියන්ගෙන් 134 ක් පමණ මේ වන විට දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටී. ඔවුන්ට ආහාර, බස් ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම අවශ්‍යතා සපුරාලිය යුතුබවට සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබේ. එම 134 න් 86 ක් උදෑසන ආහාරයවත් සපුරාගැනීමට නොහැකි තත්වයේ සිටින බවත්, ඉන් තවත් 43 ක් සදහා ශිෂ්යධාරා අත්‍යාවශ්‍යව තිබෙන බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය කරගැනීමට එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සමත්ව තිබේ. එසේම එම 43 දෙනාට එසේ ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ පාසල් ගමනේ අවසානය සිදුවන බවද එම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ.
මේ වන විටත් ඉන් දරුවන් 33 දෙනෙකුගේ කුස පිරවීම, උපදේශනය, උපකාරක පන්තිවලට යොමු කිරීම, දෙමාපිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පිහිට වීම ආදී කටයුතු එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ කර තිබේ. ඉතිරිවන 106 දෙනා වෙනුවෙන්ද අවශ්‍ය කටයුතු ඉටුකරදීමට සහ ඔවුන්ට දීර්ඝකාලීනව එම කටයුතු ඉටුකරගැනීමට ආධාර සපයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම “සෙනෙහසේ උදානය” නමින් වෙළද ප්‍රදර්ශනයක් සහ සැණකෙළියක් සංවිධානය කර තිබේ.
ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය තුල සංවිධානය කර තිබෙන මෙම සැණකෙළිය 2022.12.01 සිට 2022.12.05 දක්වා පැවැත්වීමට ආදී ශිෂ්‍ය සංගමය සියල්ල සංවිධානය කර ඇත. දෙසැම්බර් මස 3 වැනිදා පමණක් සවස 03.30 ට “ආශාවරි” සංගීත කණ්ඩායම සමග සැණකෙළිය ආරම්භ වන අතර අනෙකුත් සෑම දිනකම හවස 06.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම මෙම සැණකෙළිය පැවැත්වේ. පිලිවෙලින් පළමු දින පොල්ගහවෙල හොරයිෂන්, බැක් ටූ බැක්, ලියාරා, ඔක්සිජන් සහ සීක්රට් යන සංගීත කණ්ඩායම් පැමිණෙන අතර ජනතාව වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගද පැවැත්වේ.
අවුරුදු 12 ට අඩු දරු දැරියන් සඳහා ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා දෙන අතර එම ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පාසල් සහ පෙර පාසල් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. තවදුරටත් අවශ්‍ය පාසල් සහ පෙර පාසල් තිබේ නම් පහත දුරකථන අංකය හරහා ඒවා ලබා ගැනීමට හැකියාව තිබෙන බවද ආදී ශිෂ්‍ය සංගමය දන්වා සිටි. එසේම හැකි සියලුම දෙනාට මේ වෙනුවෙන් සහභාගි වී මෙම සත්කටයුත්ත සඳහා දායක වන ලෙස ඔවුන් සියලුම දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටි.
ඊට අමතරව මෙහි පැවැත්වෙන සංගීත සංදර්ශන සියල්ලම “ශ්‍රී රාවණා ලංකා වෙබ් අඩවිය, ශ්‍රී රාවණා tv, SR Etv, රාවණා ලංකා පුවත් ඇතුළු මුහුණු පොත් ගණනාවකින්ම සජීවීව විකාශනය කිරීමට ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලය මේ වන විටත් කටයුතු සංවිධානය කර තිබේ.
විමසීම් – 0715445865