“වැඩිහිටි අයත් , දරුවොත් කුසගින්නේ. මෙහෙම ගියොත් නම් මේ මිනිස්සු මියැදෙයි කුස ගින්නේ “රැකියාවක් කරන්න විදියක් නැහැ, ඒ සදහා තැනක් නැහැ, ගොවිතැන් කරන්නත් ඉඩම් නැහැ, ළමයි වැඩිහිටියෝ කුසගින්නේ , බොරු කියල දුන්නු ගෙවල් නිසා අපි දැන් දුක් විදිනවා” අපිට අහන්න ලැබුණු මේ කතාව සොයාගෙන අපි ගියා රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් හටන්ගල ග්රාම නිලදාරී වසමේ ගොඩකවෙලතැන්න ගමේ පිහිටි සහිරු ගම කියන ගමට.
මේ ගම ගොඩ නගා තිබෙන්නේ පසු ගිය 2017 වර්ෂයේ ගම් උදාව සංකල්පය යටතේ. ඒත් මේ ගමට ගිය අපට කිසිදු උදාවක් නම් දක්නට ලැබුනේ නැහැ. සෑම පැත්තෙන්ම ආහන්නට ලැබුනේ ණය ගෙවන්න විදියක් නැහැ, දරුවන්ට හෝ තමන්ගේ කුසට නිසි අහරක් නැතිව සහ නිසි රැකියාවක්වත් නැතිව , කනකර පවා බැංකුවට උගස් කරලා තියෙන පීඩිත මිනිසුන්ගෙන් ගහන දුක් අඳෝනා විතරයි. ස්ථීර රැකියා නොකරන අග හිඟකම් වලින් ගහන මිනිසුන්ට මෙසේ ගෙවල් සාදා දීම හොද කටයුත්තක් උනත් එවැනි විශාල පිරිසක් එකම තැනක පදිංචි කරනවිට ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේද? යන්න අවධානය යොමු කල යුතුය.
මේ ගම්මානයේ නිවාස 22 ක් පමණ තිබෙන නමුත් දැනට පදිංචිව සිටින්නේ පවුල් 17 කි. මේ පවුල් 17 තුල කිසිම ස්ථීර ආදායමක් ලබන අය සිටිය නොහැකිය. පර්චස් 20 ක් සහිත ඉඩමක, නගරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරකින් , බස් හෝ වෙනත් ගමනා ගමන පහසුකම් නොමැති මේ ගමේ අනිත් වැසියෝද ජීවත් වන්නේ ගොවි තැනිනි. සාමාජික සාමාජිකාවන් 100 කට ආසන්න ප්රමාණයක් මේ සහිරුගම ජීවත්ව සිටිති. ඔවුන් පවසන්නේ මේ නිවාස යෝජනා ක්රමය ආරම්භ කිරීමට පෙර එකල සිටි ඔවුන් තෝරා ගත් පුද්ගලයන් දැනුම් දුන්නේ එම නිවාස නොමිලේ ලබා දෙන බව වන අතර ඔවුන්ගේ මුදල් වලින් නිවාස ගොඩ නගාගන්නා ලෙසත් ඉන් පසුව ටිකෙන් ටික එම වියදම් කරන ලද මුදල් ලබා දෙන බවද පැවසූ නිසා ඔවුන්ගේ තිබු ගේ දොර ඉඩ කඩම් විකුණා දමා මේ ස්ථානයේ පදිංචි වූ බවයි. නමුත් ටික දවසක් යන විට එම ලබා දුන් මුදල් ණය මුදලක් බව පැවසූ බවත් ඒ වන විටත් ඔවුන් මෙම ස්ථානයේ නිවාස වලින් බාගයක් ඉදිකර තිබු බවත් පැවසේ. ඉන් පසු රජයේ ඇප කරුවෙකු බැගින් ඇප වී මේ නිවාස ණය ලබා ගැනීමට සිදු වූ බවද පැවසේ. දැන් ණය ගෙවා ගන්න තියා මේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. ඇප අත්සන් කරපු රාජ්ය සේවකයෝ අසාදු ලේඛන ගත වෙලා. ණය ගෙවන්නේ නැති නිසා මේ රාජ්ය සේවකයොත් ඇවිත් කරදර කරනවලු. කරදර කරනවට වඩා මේ මිනිස්සු කියන්නේ එයාලත් පව් කියලයි.
කෙසේ වුවත් මේ වන විට මෙහි වැසියන් කටුක දිවියක් ගෙවයි. මෙසේ මිනිසුන් පදිංචි කිරීමෙන් බලාපොරොත්තුව වුයේ ඔවුන්ගේ යහපත විය හැකිය. එහෙත් මේ මිනිසුන්ට තමන් සිටින ස්ථානවලම නිවාස සාදා ගැනීම සදහා මේ ණය මුදල් ලබා දුන්නේ නම් මොවුන් මෙසේ පීඩා විදින්නේ නැත. එබැවින් මේ ගමේ වැසියන් අති ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගෙවාගෙන යාමට නොහැකිව තිබෙන නිවාස ණය මුදල් කපා හැර තමන්ට සහනයක් ලබා දෙන ලෙසයි.
රත්නපුර දිස්ත්රික් මහජන සේවකයණි. මෙවැනි ගම්මාන තවත් මේ ප්රදේශයේම තිබෙනවා විය හැකිය. මේ ගැන සොයා බලා සහනයක් ලබා දීමට ඔබගේ බලය පාර්ලිමේන්තුව තුල යෙදවිය හැකිය. පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මේ පිළිබවද සොයා බලා කටයතු කල හැකිය. එසේ කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති. මේ අමාරු මොහොතේ මොවුන් කරන්නට හැකි බොහෝ දේ මහජන නියෝජිතයන්ට තිබේ.
රාවණා සටහන.
කොවිඩ් සමග මෙසේ බිද වැටුණු මේ සමාජය ගොඩ නැගීමට නම් අඩුම තරමින් ලක්ෂ 25 ට වඩා රැගෙන ඇති ණය මුදල් කපා හැරීමට කටයුතු කල යුතුය. පොදුවේ ගෙන සියලුම දෙනාගෙන්ම එවැනි මුදලක් කපා හැරීමෙනේ ඔවුන් ලබන අස් වැසිල්ල නම් සුළු පටු නොවනු ඇත. එසේම එසේ කපා හරින්නේ නම් නැවත බැංකු හෝ වෙනත් ආයතනවලින් ණය මුදල් ලබා ගැනීම තහනම් කල යුතුය . එවිට ඔවුන් ජීවත් වීම සදහා සරල ක්රම උපයෝගී කර ගනිති. රට පුරා සිටින රාජ්ය, පෞද්ගලික අංශ සියලු සේවකයන් මෙන්ම විශ්රාමිකයන් ද ලබාගෙන ඇති ණය මුදල් කපා හැරීමෙන් මේ ජනතාවට ලැබෙන සහනයද සුළු පටු නොවේ. ඔවුන්ගේ පීඩාවන් දුරු කරලීමට එය සුවිශේෂී වනු ඇත.