“කුහකයෝ කන්නේ, බොන්නේ නැති උනාට අපි කනවා, බොනවා”. ප්‍රේමලාල් ජනතාවට කියයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා අද (11) මාධ්‍ය හමුවක් කැදවා, “කුහකයන් කන්නෙ බොන්නෙ නැති උණාට අපි කනවා බොනවා” යැයි ජනතාවට දැනුම් දුන්නේය. ඒ පෙරේදා රාත්‍රියේ රාත්‍රියේ කොළඹ වරාය පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් 50ක් පමණ සහභාගී වූ සාදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේදීය.

එහිදී රාජ්‍ය ඇමතිවරයා එහිදී අවධාරණය කරන ලද්දේ, තමා ඇතුළු කණ්ඩායම එහිදී සහභාගී වූයේ වරායේ නිරීක්ෂණ චාරිකාවකට බවයි. රන්ජිත් මද්දුමබණ්ඩාර සහ විජිත හේරත් යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේ සඳහා ආරාධනා කළ බවද ඔහු සදහන් කළේය.

මෙම වැඩසටහන සඳහා වැරදි ප්‍රචාරයක් ලබාදුන්නේ, පසුගිය කාලයේ අරගල කර මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබූ පිරිස බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙම සංචාරයට අදාළ තොරතුරු පටිගත කළ පුද්ගලයා කවුද යන්න සොයාබලා පරීක්ෂණයක් පැවැත්වීමට වරාය සභාපතිවරයට දැනුම්දුන් බවත් ඔහු සඳහන් කළේය.

අදාළ වීඩියෝව පළකළ ජනමාධ්‍ය ආයතන මේවායේ සත්‍ය අසත්‍යතාව සොයාබැලිය යුතු බවද අවධාරණය කළ රාජ්‍ය ඇමතිවරයා, යම් පුද්ගලයකු අවසරයක් නැතිව අදාළ පරිශ්‍රයට පැමිණ වීඩියෝගත කර ඇති බවද සඳහන් කළේය.

මෙම පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වුවත්, ගැටළු ගණනාවක් තිබෙන රටක ඒක රුපියලක්වත් නිකරුනේ වියදම් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීම වේ. ඔවුන්ට ඡන්දය දුන් ජනතාව දැඩි පිඩාවන්ට ලක්ව සිටිති. එවන් පසුබිමක් තිබෙන, හොම්බෙන් යන රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට එය වැටහී නැති බවත්, එය වෙනස් කිරීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ ජනතාව තව දුරටත් හිර කිරීම පමණක් බවත් දක්නට තිබේ.

සිද්ධියට තුඩු දුන් වීඩියෝව

Exit mobile version