ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට කුළු බඩු අපනයනය කිරීමේදී කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි නිෂ්පාදකයන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙරට කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් පැවැතියද, කුළු බඩුවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා මෙතෙක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවී තිබීමත් මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුළු බඩු අපනයනකරුවන් එම නිෂ්පාදන අපනයනය කිරීමේදී ගැටලු රැසකට මුහුණ දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ කුළුබඩු නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
කුළුබඩු සැකසුම් කර්මාන්තයේ යෙදී සිටින සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ කුළුබඩු නිෂ්පාදන සඳහා ප්‍රමිතිය සහතිකකිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරනලෙස ඇමැති මහින්ද අමරවීර කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒ අනුව අන්තර් ජාතික පිළිගැනීමක් සහිත සිංගප්පූරුවේ SGS Institute සමග එක්ව ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය අත්සන් කිරීමට නියමිතය. මෙරට ප්‍රධාන වැවිලි භෝගවල ගම්මිරිස්, එනසාල්, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කළත්, ඇතැම් කූට වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා මෙරට කුළුබඩුවල සන්නාමයට බරපතළ හානි සිදු කර ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.