ගෞතම බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කලේ සියල්ලම අත් හැරීමෙන් පමණක් මනසේ සැහැල්ලුව සහ බව දුක නිමා කර ගත හැකි බවයි. එහිදී භික්ෂුන් වහන්සේලාට සියල්ලම අත් හැරිම මෙන්ම සිවුරු දෙකක් පමණක් භාවිතා කිරීම ආදී විනය නියෝග පනවා භික්ෂුන්ගේ පැවැත්ම මෙන්ම බෞද්ධ ජනතාව බුදු මග රැගෙන යාමටයි. අත් හැරීම පුරුදු පුහුණු කල යුතු භික්ෂු සමාජය අත් හැරීම වෙනුවට ආගමික බෙදීමක් ඇතිකරමින්, විවිධ චෝදනාවලට ලක්වෙමින් ඉදිකරමින් පවතින කූරගල විහාර කර්මාන්තය තුල සැගව පවතින කරනු ගනනාවක්ම අනාවරණය කරගැනීමට හැකි විය. ඒ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහ කූරගල රාජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමි අතර පැවති අන්තර්ජාල නාලිකා සකච්චාවකදීය.
මෙම ඉදිකිරීමේදී හිටපු යුධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමග එක්ව නෙල්ලිගල කූරගල නිදන් ගත් බවටද විවිධ මතවාද ජනතාව අතර පැතිරගිය නමුත් ඒවා සියල්ලම කටකතාවට පමණක් සීමා විය. විවිධ චෝදනා එල්ලවීමට හේතුව වුයේ මෙම ස්ථානය තුල සිටි මුස්ලිම් ජනතාව ඉවත්කරමින් මෙම ඉදිකිරිම සිදුවීමයි.
මෙම අනවරණයේදී වතුරකුබුරේ ධම්මරතන හිමි චිසින් සදහන් කරන්නේ කූරගල හදන්න ලක්ෂ පහළොස් දාහක් පමණ වැය වූ බවයි. එසේම ආණ්ඩුවෙන් සිමෙන්ති කොට්ටයක් ගත්තෙ නැති බවද සදහන් කරන ලදී. මෙම සකච්චාවේදී උණුසම් වාද විවාද ඇති වූ අතර සහරාන් තමන් වහන්සේට තර්ජනය කල බවද සදහන් කරන ලදී. එසේම චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්නකරමින් හාමුදුරුවරු රාජපක්ෂවරුන් සමග එක්ව මේර ජාතිවාදය ඇතිකළ බවටද ප්‍රශ්න කරන ලදී.
එහිදී විශේෂ හෙළිදරව්වක් කරමින් අසාත් සාලිගේ අයියා උන් වහන්සේට ගහන්න ගහන්න සල්ලි වියදම් කරනව බවද සදහන් කරන ලදී.
ඉතාම පැරණි විහාර, ආරාම, දේවාල පැරණි ස්තූප ආදියද විනාශ කිරීමේ මූලික කටයුත්ත කිරීමට සමහර බෞද්ධ භික්ෂුන්ම කටයුතු කරන අතර එය බෞද්ධ භික්ෂු විනයට පටහැනිය. මේ සියල්ලම ශ්‍රී ලංකාව තුල සිදුවන විට ආගමික මෙන්ම ජාතින් අතරද මතබේදයක් ඇතිකරමින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ බිහිවෙමින් පවතින විශාලතම, දර්ශනීයතම විහාර කර්මාන්තය වනුයේ බලංගොඩ කුරගල ඉදිකිරීමයි. එම ස්තානය සිංහල බෞද්ධ ජනතාව විසින්ම අත් හැර දමා තිබුණි.
ඒ අතරතුර ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් එම ස්ථානයේ තම ආගමික කටයුතු සිදුකරගෙන ගිය අතර එම ඉදිකිරිම පිලිබදව බෞද්ධ ජනතාව අතරද විවිධ මත බේද තිබේ. විශේෂයෙන්ම එහි ඉදිකර තිබෙන සුපෝඛබෝගී මහල් ගොඩනැගිල්ල, බස් රථයෙන් බසින විටම බුදුපිලිමයක් වෙනුවට දක්නට තිබෙන සිංහයා මෙන්ම එම ප්‍රදේශයේ තිබු පැරණි දේ සියල්ලම විනාශ කර තිබෙන බැවින් නීතියට සහ පුරාවිද්‍යාවට ආදරය කරන බොහෝ දෙනෙකු ඒ පිලිබදව අප්‍රසාධයෙන් කතා කරති. නීතියට අනුව පුරා විදු බිමක් විනාශ කල නොහැක. නමුත් සංවර්ධනය කල හැකි අතර එය කල යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කිසිදු පැරණි ඉදිකිරීමකට හානි සිදු නොවන ලෙසයි.
විශේෂයෙන්ම සංඝ පාලන තන්ත්‍රයේ පදනම භික්ෂු විනය නීති සමුහයයි. එහිදී බුදුන් වන්සේ භික්ෂු විනය නීති රීති පනවන ලද්දේ කරුණු දහයක් පදනම් කරගෙනය. එහිදී සංඝයාගේ යහපත් පැවැත්ම, පහසුව, නොදැමුණු පුද්ගල දමනය කිරීම, සංඝයාගේ පහසු විහරණ, කෙලෙස් ආශ්‍රවයන්ගෙන් මිදීම, පාරලෞකික ආශ්‍රවයන්ගෙන් මිදීම, නොපැහැදුණුවුන්ගේ පැහැදීම්, පැහැදුනුවන්ගේ පැහැදීම වැඩිවීම, ශ්‍රී සද්ධර්මයෙහි චිර ජීවනය, භික්ෂු සංවරය ඇති කරලීම ආදී කරුණු දහය භික්ෂු විනයේ පදනම විය.
කොහොම උනත් සියල්ලම ඇති වෙන නැතිවෙන බුදු දහමේ ඉගැන්වීමේ සත්‍යයක් කරමින් ඉතාම පැරණි ස්ථාන විනාශ වෙමින් පවතී. බෞද්ධ භික්ෂුන් විනයට පරිබාහිරව ගොස් හෝ මෙසේ ඉදිකිරිම් කර බෞද්ධ ජනතාවගේ සිත් සතන් සුවපත් කිරීමේ ක්‍රියාවලියට දායකත්වයක් ලබා දීම තුලින් යහපත් සමාජයක් බිහිකිරීමට ලැබෙන දායකත්වය මිල කල නොහැක.