කූරගල පුදබිමට – ශ්‍රම ධාන චාරිකා – ජාතික වෙසක් උත්සවය නිමිත්තෙනි.

මහරහතන් වහන්සේලා වැඩ සිටි කූරගල පිංබිමේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

ඉතා කඩිනම්ව වැඩ වැඩකටයුතු සිදුවෙන කූරගල පුදබ්මේ ඉදිකිරීම් රැසක් ආරම්භ කර ඇති අතර සතර දෙසින් පැමිණෙන හුදී ජනී ජනයා මූල්‍ය සහ ශ්‍රම ධායකත්වයන් ඒ සදහා ලබාදෙමින් ඇත.

විනාශයට ලක් වෙමින් තිබු කූරගල පුදබිම සුරක්ෂා කිරීමට නොබියව පෙරට වැඩි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් ගෙන යන එම වැඩපිළිවෙළ අඩපණ කිරීම සදහා නොයෙක් කල්ලි කණ්ඩායම් “ගමේ පංසලේ තණකොළ ගහක් ගලවන්නේ නැති අය කූරගල යනවා රැල්ලට” යනුවෙන් ජන මතයක් ගොඩනගන්නටද විය. කෙසේ වුවත් එම ප්‍රකාශයන් වලින් කියවුනේ සැබවින්ම මෙම වැඩපිළිවෙල කඩා කප්පල් කරන්නටමද යන්න ස්ථීර වශයෙන්ම කිව නොහැකි වුවත් ජනතාව තම අදහස් ප්‍රකාශ කරන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට අනුවයි. කූරගල පමණක්ම නොව විනාශයට ලක්ව ගොඩ නැගිය යුතු සිය ගනනක් පැරණි වෙහෙර විහාර අපට දක්නට ලැබේ.

එබැවින් එම වෙහෙර විහාරස්තානද ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමක් වන අතර නෙල්ලිගල හිමියන්ද මේ සිදු කරනුයේ තම වගකීම සහ යුතුකමයි.

යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ ධන පරිත්‍යාගයෙන් සංවර්ධන වන මහා පිංකෙතට ගම් වල සිටින ඔබටද දායක විය හැකිය..

ඒ අනුව ගමේ පංසලෙත් වැඩ කරන බොහෝ දෙනෙකු 2022/03/23 සතර දෙසින් ශ්‍රමය අරන් කූරගලට පැමිණීමට නියමිතව ඇත..

Exit mobile version