කෘතිම බුද්ධියෙන් ප්‍රභාකරන්ගේ දියණියට පණ දීම

නොවැම්බර් 27 වැනිදාට යෙදෙන කොටි මහා වීර දිනය දවසේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්‍රභාකරන්​ ජීවතුන් අතර සිටින බවට ඇඟවීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වීඩියෝ පටයක් ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් කරගෙන ඇති බව විදෙස් බුද්ධි අංශ මෙරටට දැනුම් දී තිබෙන අතර ප්‍රභාකරන්ගේ දුව ජීවතුන් අතර සිටින බව ඒත්තු ගන්වා විදෙස් රටවල අරමුදල් රැස් කිරීම සඳහා නෝර්වේ කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර කොටි ජාලය මෙම සැලසුම් කරගෙන යන බවද හෙළි වී තිබේ.

වාර්තා වන ආකාරයට කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කොටි නායකයන්ගේ දියණියගේ කට හඬ සහිත වීඩියෝවක් වීර දිනයට පෙර සිටම සමාජයට මුදා හැර අරමුදල් රැස් කිරීමේ අරමුණ ක්‍රියාත්මකකර ඇතැයි හෙළිවී තිබේ.

මේ සඳහා නෝර්වේ සිටින කොටි නායක ප්‍රභාකරන්ගේ පවුලේ ඥාතීන්ගේ කැමැත්තද ලබා ගෙන ඇතැයිද පෙරිම්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් නෝර්වේ සිට එල්ටීටීඊ සංවිධානයට යළි පණදීමට කිහිප වතාවක්ම උත්සාහ කළද එය අසාර්ථක කිරීමට බුද්ධි අංශවලට හැකිවී තිබෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version