කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය තුළ දක්ශ අවංක නිලධාරීන් රැසක් සිටිය ද ඔවුන්ගේ සිතුවිලි බාහිර වෙනත් පාර්ශවයන් විසින් විකෘති කිරීමට උත්සහ දරන බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් ධූරය වෙත පත්වීම් බල දක්ෂ ලේකම්වරුන්ට අමාත්‍යංශය අතහැරයාමට සිදු වූයේ එවන් සිදුවීම් නිසා බව ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.
එමෙන් ම මෑතකදී කෘෂිකර්ම අමාත්‍යංශය හැරයාමට සිදු වූ දක්ෂ ලේකම්වරයෙක්ව සිටි මහාචාර්ය උදිත් ජයසිංහ මහතා රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැමැත්තේන් සිටිය ද පසුව ඔහුට ඊට ඉඩ නොදී සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද්දේ ද එවැනි ඊනියා උපදේශයකයන් විසින් බවත් එවැනි උපදේශකවරුන් ලෙස සිටින අදිසි හස්ත පිළිබඳව විපරික්ෂාවෙන් සිටිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුණි.
ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍යංශ වෙත පත්ව පැමිණි නව ලේකම්වරයා හා අමාත්‍යංශ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.