කෙටි කාලීන නව ආර්ථික සැලැස්ම

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ  ඉදිරි මාස 06 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බවයි.

ඔහු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම “සය මාසික ආර්ථික” නිර්මාණය කර ඇති බවයි සඳහන් කර තිබුණේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය 15 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් වැඩ භාරගනු ලැබුවේ සිය මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

Exit mobile version