බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් කේන්ට් යුද නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූයේ බංග්ලාදේශයේ චිතගන් වරායේ සිටය.
ඒ අනුව අද දිනයේ නාවික අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුව කේන්ට් නෞකාව දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
අග්නිදිග ආසියානු බලකායට අයත් වන මෙම නෞකාව දිගින් මීටර 133ක් වන අතර පළල මීටර 16ක් පමණ වේ.
මෙම දැවැන්ත යුද නෞකාව ගුවන් යානා සහ නෞකා නාශක මිසයිල මෙන්ම සබ්මැරීන නාශක ටෝපිඩෝවලින් ද සන්නද්ධව ඇත.
එමෙන් ම කේන්ට් නෞකා අණදෙන නිලධාරී කමාන්ඩර් මැතිව් සයික්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා අතර හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී පැවති බව නාවික හමුදා මාධ්‍ය අංශ වාර්තා කර ඇත.