කෙන්ට් යුද නෞකාව පිටව යයි

HMS Kent carries out manoeuvres with French Ship FS Charles De Gaulle(not pictured) as the pair form part of Combined Task Force (CTF) 473 off the coast of Djibouti. HMS Kent entered the port of Djibouti for a five day stop as part of the Combined Task Force (CTF) 473. The task force was led into Djibouti by the French Aircraft Carrier, FS Charles De Gaulle.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් කේන්ට් යුද නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූයේ බංග්ලාදේශයේ චිතගන් වරායේ සිටය.

ඒ අනුව අද දිනයේ නාවික අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුව කේන්ට් නෞකාව දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

අග්නිදිග ආසියානු බලකායට අයත් වන මෙම නෞකාව දිගින් මීටර 133ක් වන අතර පළල මීටර 16ක් පමණ වේ.

මෙම දැවැන්ත යුද නෞකාව ගුවන් යානා සහ නෞකා නාශක මිසයිල මෙන්ම සබ්මැරීන නාශක ටෝපිඩෝවලින් ද සන්නද්ධව ඇත.

එමෙන් ම කේන්ට් නෞකා අණදෙන නිලධාරී කමාන්ඩර් මැතිව් සයික්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා අතර හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී පැවති බව නාවික හමුදා මාධ්‍ය අංශ වාර්තා කර ඇත.

Exit mobile version