අද විශේෂ දවසක්. රෝහල් ඉස්සරහ මල්ශාලා තියෙන්නෙ ලෙඩ්ඩු මැරෙන නිසා කියපු ඖෂධ මාෆියාවෙ ගෝඩ් ෆාදර් (2022-2023 )කෙහෙලිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත්තා. (මේ වන විට ඔහුව රිමාන්ඩ් කර තිබේ. ඒ මේ මස 15 වන තෙක්ය.)
පාර්ලිමේන්තුවෙ විශ්වාසය භංහ නොවුනත් එක පෑන් පාරින් ජනාධිපතිට ඉවත් කරන්න පුලුවන් වුනත් ඒවා නොකරද්දි මේ රටේ සිවිල් සංවිධාන ගනනාවක් එකතුවෙලා කෙහෙලිය අත් අඩංගුවට ගන්නා තෙක් විවිධ බලපෑම් කලා. සමහරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්සරහ වාඩිවෙලා සත්යග්රහ කලා. CID පැමිනිලි දැම්මා, අල්ලස් කොමිසමට පැමිනිලි කලා.එහෙම වැඩ ගොඩාක් කලා. CID ලග පොල් ගැහුවා…තවත් දේවල්..සමහරුන්ට රිමාන්ඩ් වෙන්න වුනා.
ආන්ඩුවක කැබිනට් ඇමති කෙනෙක් ඒ ආන්ඩු කාලෙම ඇමති කමක් කරද්දි දූෂණ චෝදනාවකට අත් අඩංගුවට ගත් පලමු වතාව.
මේක ආන්ඩුවෙ විනිවිද භාවයනම් නෙවෙයි.මේ වෙනුවෙන් පූර්නකාලීනව කැපවූ සංවිධාන හිටියා.ඔවුන්ට ඒ ගෞරවය අඩුවක් නෑතුව යන්න ඕනී.
අවංක සතුටක් තියෙනව. අධිකරනය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෞරවනීය ලෙස කටයුතු කිරීම ගැන. හොරුන්ට දදුවම් දෙන්න ආන්ඩුවක් ඕනම නෑ කියන්න මේක නිදසුනක්. සමහරක් සිවිල් සංවිධාන වගේ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවල නොසිට වෙනස් අය එකට වැඩ කලා.
සිවිල් ක්‍රියාකාරීන් 15-20 කට කොච්චර බය වුනාද කියනවනම් 31 කෙහෙලිය ගෝ ගම හදද්දිම ඔවුන් අත් අඩංගුවට ගත්තා..අද කෙහෙලිය අත් අඩංගුවට ගත්තා කියන්න රෑ වෙනකම්ම හිටියා. ක්‍රියාකාරින් යන්නෙම නැති තැන අත් අඩංගුවට ගත්තා.
මේ ගැන අවංකව වැඩකල අයට, මාධ්‍යයට, ස්තූති කල යුතුයි. කුහක ලෙස මේ දිහා බලපු අයට කියන්න තියෙන්නෙ හදවතින් අහන්න. එපමනයි.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය – Citizen Power Against Bribery Corruption Waste