කෙහෙළියගේ දුව “මල්වඩමට” කේස් ඒක දායි. “ජනතාවට මල් ශාලාවලම පිහිටයි” කී බව දුවට අමතක වෙලාද?

“රටේ ජනතාව තිබෙන එකම විකල්පය මල් ශාලා” බැව් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කල හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මල් වඩමක් ලබා දීමට පසු ගිය දිනයක සිවිල් ක්‍රියාකාරීන් කටයුතු කළේය. එසේ මල්වඩමක් නිවස ඉදිරිපිට තැබීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නිවසේ ගේට්ටුව ඉදිරිපිට මල්වඩමක් තැබ සාපරාධි බිය ගැන්වීමක් කල බවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවට අධිකරණයට වාර්තාකර තිබේ.

කෙහෙළිය රබුක්වැල්ල මහතා ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේදී ජනතාවට එරෙහිව සිදුකල එම ප්‍රකාශය නිසා  මහජනතාවාද මේ වන විටත් බියෙන් සහ සැකයෙන් ජීවත් වේ. එසේම ඔහු විසින්ම ඔහුට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදුකරන ලදී.  ඔහුද සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචාවන්ට සම්බන්ධ බවට දිගින් දිගටම කෙරෙන චෝදනා මත සිවිල් ජනතාව මෙසේ කටයුතු කරන අතර , තම පියා පාර්ලිමේන්තුවේදී ජනතාවට මරණය හිමි බවට නොකිය කල ප්‍රකාශය දුවට අමතකව තිබෙන බැව්, හෝ ඔවුන්ටද මහජනතාවගේ තැතිගැන්මෙන් වැඩක් නැති බව පෙනී යයි.  

Exit mobile version