කෙහෙළිය අත් අඩංගුවට ගන්නෙ මෙහෙමයි


රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව බිඳ වැටීම සිදුවන්නේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාළයේ පමණක් නොව ඊටත් දශක කිහිපයක පෙර සිටය. රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ, වෙනත් තාක්ෂණික පරීක්ෂණ ආදී සියල්ලම පාහේ පෞද්ගලික අංශයට ලබා දුන් පළමු අවස්ථාවේ සිට මෙන්ම නිදහස් සෞඛ්‍ය රැකවරණය ක්‍රමයෙන් වෙළද භාණ්ඩයක් බවට පත්කිරීමට කටයුතු කිරීමේ මුල් අවස්ථාවේ සිටම සියළුම රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටීම සිදු විය. අතීතයේදී, වර්තමානය නොදුටු ආත්මාර්ථකාමී සෞඛ්‍ය අමාත්‍යවරු වර්තමාන දුෂණයට, වංචාවට සම්පුර්ණයෙන්ම වගකිව යුතුය.


මේවන විටත් සමනය කිරීමට නොහැකි ගින්නක් බවට පත්ව තිබෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කරන මහජන බලපෑමයි.


මෙම සිද්ධියට අනුව නීතිමය වශයෙන් ගත් විට මුළික අවස්ථාවේදී පැමිණිල්ල ඉදිරිපත් කලේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. ඊට පෙර ඔහුට එරෙහිව පැමිණිල්ලක් යෙදුනේද යන්න තොරතුරු අප සතුව නැත. කෙසේ වුවත් පැමිණිලිකරුගේ පැමිණිල්ල මත විමර්ශන අරෙම්භ කර සෞඛ්‍ය ලේඛම් ඇතුළු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.


සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය හෝ කැබිනට් මණ්ඩලය හරහා හෝ මිළදී ගැනීමට අනුමැතිය ලබා දීමට පෙරත්, ඉන් පසුවත් ගණුදෙනු දුෂිත වන අවස්ථා ගණනාවක්ම තිබේ. එහිදී ප්‍රසම්පාදනයේ අවශ්‍යතාව, භාණ්ඩ පරිභෝජන ප්‍රමාණය, තොගයේ පවත්වාගත හැකි උපරිම ප්‍රමාණය ආදී හේතු ගණනාවක් සම්පුර්ණ නොකර භාණ්ඩ මිලදී ගැනීම් කල නොහැක. ඖෂධ වැනි දේ සඳහා ක්ෂණික මිල දී ගැනීම් සිදුකල හැක්කේ එවැනි ඉල්ලීම් තිබේ නම් පමණි. ප්‍රදේශීය රෝහල් ජාලය කරන ඉල්ලීම් මත පමණක් මිල විමසීම් කල හැකිය. එසේ නොමැතිව සැපයුම්කරුවන්ගෙන් මිල විමසිය නොහැක. එසේම ජීවිත බේරාගැනීමේ කටයුතු කිරීමේදී ද ක්ෂණිකව අවශ්‍ය වන ඹෟෂධ හදුනාගෙන පාරිභෝජන ප්‍රමාණයන් සමග තොග ගලපා නිසි ලෙස පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කාර්යක්ෂම ඖෂධ සැපයුම් ජාලය සියලුම රෝහල් සමග ඒකාබද්ධව තිබිය යුතුය. මිලදී ගැනීම් සඳහා එවැනි ක්‍රමවත් අවංක සේවයක් තිබුණේද යන්න අපට වාර්ථා නොවේ.


අපගේ අත්දැකීම වන්නේ රෝහල් ෆාමසි වල තිබෙන්නේ පැනඩෝල් වැනි කුඩා බෙහෙත් පමණක් වන බවත්, වෛද්‍යවරුන් පවා ෆාමසි වෙතින් ලබා ගැනීමට බෙහෙත් තුණ්ඩුවක් ලබා දීමයි. එම ෆාමසි හිමිකරුවන් වන්නේද බොහෝ විට වෛද්‍යවරුන්මය.


මිල විමසීමෙන් අනතුරුව සැපයුම්කරුවන් ඉවත් කිරීමටද විවිධ උපක්‍රම හදුන්වා දී තිබේ. මිල වෙනත් පහසුකම් සාකච්ඡා කිරීම (negotiate) ආදී කටයුතු වලදී සැපයුම්කරුවන් ඉවත්කරනඅතර එය සිදුවන්නේද අත යට සිදුවන ගණදෙනු මතය. එහිදී ලංකාවේ සිටින දුෂිත පෞද්ගලික සැපයුම්කරුවන් නොහොත් ව්‍යාපාරිකයන් තමන්ට එම ටෙන්ඩරය ලබා ගැනීම වෙනුවෙන් අල්ලස් ලබා දීම සිදුකරයි. එය ලබා දෙන්නේ එහි වටිනාකමට අනුව ප්‍රසම්පාදන අස්ථිත්වයේ මුල්ම නිළධාරියාට නොහොත් මුලිකම ලියකියවිලි සකසන නිලධාරියාටය. එසේ ලැබෙන අල්ලස් මුදල් මෙන්ම මිළ විමසීම් පත් ලබා ගන්නා අවස්ථාවේ ලබා ගන්නා අල්ලස් මුදල් ද අත යට ගණුදෙනු ලෙස සිදු වේ.


ඉන් අනතුරුව ටෙන්ඩර් මණ්ඩලයේ දී අනුමත කරගැනීම සදහා ආයතන ප්‍රධානියාට මෙන්ම වෙනත් ඔහුගේ තැරුව්කරුවන් වෙනුවෙන්ද අත යට ගණුදෙනු ලෙස අල්ලස් මුදල් හුවමාරු වේ.


අනුමත කිරීමෙන් අනතුරුව භාණ්ඩ ප්‍රවාහනය කරන අවස්ථාවේදී ද තත්ව පරීක්ෂණ සිදුකල යුතුය. එහිදී තත්ත්ව පරීක්ෂණ නිලධාරීන්ට ද, තත්ව පරීක්ෂණ ආයතනවලටද අල්ලස් ලබා දීම ව්‍යාපාරිකයන් විසින් පුරුද්දක් ලෙසම සිදු කරයි. ඔවුන් එසේ මුදල් ලබා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ටය. එය වෛද්‍ය, පොලිස්, අධ්‍යාපන, හමුදා ඇතුළු සියළුම රාජ්‍ය මිලදී ගැනීම්වලදී සිදු වේ. (අල්ලස් ලබා ගනිමින් ගුවන් හමුදාවේ එක් අධ්‍යක්ෂක අංශයක් ලබා ගන්නා අල්ලස් යෙදීමට කොමර්ෂල් බැංකුවේ තිබු වංචනික ගිණුමක් පිළිබදවද අප අණාවරණය කරන ලදී)


මුදල් ගෙවීම සිදුවන්නේ ඉන් අනතුරුවය. මුදල් ගෙවීමේ බලය තිබෙන්නේ ආයතන ප්‍රධානීන්ටය. මුදල් ගෙවීමට පෙර ටෙන්ඩර්ය අනුමත කරන්නේද ඔහුය. එය අනුමත කිරීමට පෙර සියළු ලේඛණ සම්පුර්ණ කර තිබේද යන්න බැලීම ආයතන ප්‍රධානියාගේ වගකීම වේ. එය අනුමත කිරීමෙන් අනතුරුව එම ලිපිගොනුවේ අත්සන් තබා නිර්දේශ කල නිලධාරීන් මත වරද පැටවීමට ද පෙර සොයා බැලිය යුතු කරුණු ගණනාවක්ම තිබේ.


අප ඉහතින් සටහන් කල කෙටි හැදින්වීම තුල තවත් විස්තර ගණනාවක්ම තිබේ. අපගේ ලිපියේ අරමුණ වුයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගත හැකි නීතිමය රාහුව හදුනා ගැනීමයි.
කෙහෙළිය රඹුක්වැල්ල මෙම වංචාවට සම්බන්ධ වු ආකාරය වෙනමම සෙවිය යුතුය. එසේම කෙහෙළිය අමාත්‍යවරයෙක් ලෙස කල, කී බොහෝ දේ අපටද මතකය. කෝටියකට අධික විදුලි බිල පවා ඔහු ගෙවා නැති බව වාර්ථා වු අතර නෙසේ වුවත් ඔහු මහනුවර ජනතාවගේ මහජන නායකයෙකි.


මෙම වංචනික ගණුදෙනුවේදී කෙහෙළිය අත් අඩංගුවට ගැනීමට නම් කරුණු කිහිපයක් තිබිය යුතුය. මෙම ටෙන්ඩර් ගණුදෙනු සදහා කෙහෙළියට මැදිහත්වීමට නීතිමය වශයෙන් අයිතියක් නැත. ඔහු අමාත්‍යවරයා ලෙස කල යුත්තේ ප්‍රතිපත්ති සැකසීම පමණි.


ඒ අනුව ඔහු මෙයට මැදිහත්ව සිටියේ නම් එය ඔප්පු කිරීම කෙහෙළියට චෝදනා කරන අයගේ වගකීමයි. අපට ලැබී තිබෙන තොරතුරු නිවැරදි නම් කෙහෙළිය බලපෑම් කල බවට අධිකරණය ඉදිරියේ කියවී තිබේ. එසේ කියවී තිබේ නම් එය කියවෙන්නේ අධිකරණය තුල බැවින් සහ එවැනි සාක්ෂි දෙකක් කියවී තිබේ නම්, එම ප්‍රකාශ මත කියවෙන වැරදි ඔස්සේ කෙහෙළියට අපරාධ චෝදනා ඉදිරිපත් කල හැක. එය නීතිමය ක්‍රමය වේ . දේශපාලන නායකයන්ගේ අනීතික අණක් සිදුකලේ නම්, එම රාජ්‍ය නිලධාරියාට තවත් චෝදනා ඉදිරිපත්කල යුතුය. නමුත් අප දන්නේ මෙම දෙපාර්ශ්වයම එකතුව මෙම වංදා සිදුකරන බවයි.


එසේම දේශපාලන නායකයාට බියේ යමක් කිරීමට රාජ්‍ය නිලධාරියාට සිදු වුයේ නම් හෝ වෙන්නේ නම්, යහපත් සියළුම රාජ්‍ය නිලධාරීන් එම චෝදනා වලින් බේරීමට නම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි එකතු කල යුතුය.


ඒ අනුව අප ඉහතින් සටහන් කල කරුණු අනුව කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට හැකිය. අප දන්නා තරමින් එයට සාක්ෂි දෙකක් ඉදිරිපත්ව තිබේ. කෙසේ නමුත් සියල්ලම සිදුවිය යුත්තේ නීතිමය රාමුවට වුවත්, එම රාමුව ඔස්සේ කටයුතු කිරීමේදී සැබෑ වැරදිකරුවන්ට දඩුවම් නොලැබෙන බව අප දකින්නේ හිසේ කෙස් ගාණටය. නමුත් ඔවුන්ට සොබා දහමේ දඩුවම නියත අතර, මරණයෙන් මතු සසර පුරාවටම බල්ලන්, බලලුන් කපුටන් නොව පරපණුවන් ලෙස මැරි මැරී ඉපදීමට සිදුවේ.එය සෑම ආගමක සදාතනික ඉගැන්වීම බව කෙහෙළිය පමණක් නොව රට වැනසීමට දායක වු සියළුම දෙනා නොදැනීම මෙරට ජනතාවගේද වරදකි.

Exit mobile version