කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප්රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දක්වා තිබේ.