ඇඹිලිපිටිය පොලිස් වසමේ නව නගරය පාර, මල්ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ දී කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකා අම්බලන්තොට කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් සිදුකළ වැටළීමක දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් දෙදෙනා කේරල ගංජා තබාගෙන යතුරු පැදියේ ප්රවාහනය කරමින් සිටින විට ක්ෂණික මාර්ග බාධකයක් යොදා මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 40 සහ 43 වයසේ පසුවන පුද්ගලයින් වන අතර අත්අඩංගුවට ගෙන ප්රශ්න කරන විට අනාවරණය වී ඇත්තේ කේරළ ගංජා මෙලෙස දීර්ඝ කාලයක් ප්රවාහනය කර ඇති අතර අම්බලන්තොට,හම්බන්තොට ,කතරගම ආදී ප්රදේශවලට මහා පරිමාණයේ ගැනුම්කරුවන්ට අලෙවි කර ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගැණුනු කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හැට දහසක් බවට වාර්තා වන අතර වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.