කොටගල වෙළෙඳසැල් තුනක ගින්නක්.

ඊයේ (05) රාත්‍රි 10ට පමණ හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැලට අයත් යාබද තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තාවේ.

ප්‍රදේශ වාසීන් පතන පොලිසියේ නිලධාරින්, කොටගල යුද හමුදා කඳවුරේ භට පිරිස් හා නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් එක්ව  දැඩි උත්සහයක් දරා පැතිරයමින් තිබු ගින්න පාලනය කිරීමට සමත්ව ඇති බව සදහන් වේ.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇති බවත් ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව හා ජීවිත හානි කිසිවක් නොමැති බව  සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පවසා තිබේ.

Exit mobile version