කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකයේ අද (26) සමත් වූයේ එහි ඉහළම අගය වාර්තා කරමිනි.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටසු මිල දරුශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මීට පෙර 2021 ජනවාරි 27 දින සියලු කොටස් මිල දරුශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසය.
ඒ අනුව අද දින පෙර දිනට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළගොස් තිබූ අතර දෛනික පිරිවැටුම රු.බිලියන 10.46 ක් ලෙස සටහන් වී ඇත.