කොටිකාවත්තේ වෙඩි තැබීමක්

අද (26) උදෑසන 6.30 – 7.00 අතර කාලය ඇතුලත දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම අවස්ථාවේ දී තවත් අයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එසේ තුවාල ලැබූ පුද්ගලයා 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයකින්ම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිසිය සඳහන් කළේ මූලික විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට අනාවරණය වූ බවයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ පිළිබඳ විමර්ශනය කිරීමට කණ්ඩායම් 04ක් යොදවා ඇති බවයි.

Exit mobile version