“මහදැනමුත්තා එළුවා බේරාගත්තා වගේ”… කොටියා බේරාගත් වන්ජීවිය.

අතිශය දුර්ලභ කඳුකර කොටියා වනජීවී. දෙපාර්තමේන්තුව ada derana 655 ප්‍රවෘත්ති ප්‍රකාශය

ප්‍රවෘත්ති ප්‍රකාශයේ කොටියා බේරාගන්න ගහ කපන දර්ශනය දුටුවහාම මට හිතුනෙ මැස්සා පන්නන්න කඩුවෙන් කොටපු වඳුරා ගේ රජ කතාව

අන්තිමේදී දුර්ලභ සතෙක් ගහකට යට වෙලා තමයි මැරුණේ.

නිර්වින්දනය කරලා ගහෙන් සතා බස්සගන්න ක්‍රමයක් තිබුණෙම නැද්ද වනජිවි දෙපාර්තමේන්තුව ඒ තරම් ගෝත්‍රික ද?.

එහෙම නැත්තම් සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්නෙම නැද්ද?.

පසුගිය කාලයේ කඳුකර කොටි කොච්චර ප්‍රමාණයක් මැරුවා ද මේ මධු ගහන මිනිස්සු අල්ල ගන්න ක්‍රමයක් නැද්ද , ඒ වගේම මේ සත්තු රැකගන්න ඒ මිනිස්සු දැනුවත් කිරීමක් කරන්නෙ නැද්ද?.

වනජීවී දෙපාර්තමේන්තුව ඉන්නේ ම්ලේච්ඡයන් පිරිසක් ද කියල අහන්න වෙනවා.

කඳුකර කොටි රැක ගන්න බලධාරීන් මීට වඩා වැඩි විධිමත් වැඩ පිළිවෙලක් සකසා යුතුය.

නැත හොත් අනාගතයේ දී රූප සටහනක ඇති කඳුකර කොටින් පෙන්වීමට ඉතිරි වනු ඇත.

වසන්ත අල්විස්.

Exit mobile version