කොටි හිතවාදී සුභාෂ්කරන් ගෞරවාන්විතව රටට පිළිගෙන ඇත

ලයිකා මොබයිල් සමාගමේ අධිපති සුභාෂ්කරන් අලිරාජා නමැති සුප්‍රකට ව්‍යාපාරිකය දිවයිනට පැමිණ ඇති අතර ඔහු කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන් පැමිණෙන පර්යන්තයෙන් රට තුළට පැමිණ ඇත.

මොහු මුදල් විසුද්දී කරනය චෝදනාවන්ට අනුව ලෝකයේ බොහෝ රටවලින් ඔහුව ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහුට එම රටවලට ඇතුළු වීමට නොහැකි ලෙස තහනම් පනවා ඇත.

එමෙන් ම ඔහු ත්‍රස්තවාදී අරමුදල් භාවිතය යන චෝදනාව යටතේ එම රටවල ව්‍යාපාරික අවස්ථා ලබා නොදීමට ද කටයුතු කර ඇත.

මෙලෙස ලෝකයේ රටවල් බොහෝමයක් මොහුව අසාධු ලේඛන ගතකර ඇති අවදියක ඔහුට අයත් ලයිකා මොබයිල් ආයතනයට මෙරට තුළ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට පසුගිය රජයේ දී ඉඩ ලබා දී ඇති අතර ඒ අනුව මෙරට බංකොලොත් වූ සමාගමකට අයත් මාධ්‍ය ආයතන ජාලයක හිමිකාරිත්වය ඔහු සතු කරගෙන ඇත.

ඒ අනුව ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉහත කී බංකොලොත් වූ සමාගමට අයත් ඉතිරි ආයතන සමූහය ද මිලට ගැනීමේ කටයුතු සඳහා බවට වාර්තා වී ඇත.

සුභාෂ්කරන් අලිරාජා ශ්‍රි ලංකාවේ මඩකලපුව ප්‍රදේශයේ ඉපිද පසුව විදේශ ගතව ඇති අතර එහි දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තම මවු රටට කතා කිරීම සඳහා අවශ්‍ය දුරකථ පහසුකම් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර පසුව මෙම ව්‍යාපාරය මහා පරිමාන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ලයිකා මොබයිල් නමින් ප්‍රචලිතව ඇත.

මොහුගේ ඇතැම් කූට ව්‍යාපාර හේතුවෙන් මොහුගේ නම බොහෝ රටවල අසාදු ලේඛන ගතකර ඇති අතර එල්.ටී.ටී.ඊ.හිතවාදීන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යන මොහු මෙරට කොටි ක්‍රියාකාරකම් පවතින සමයේ දී ත්‍රස්තවාදීන්ට අරමුදල් ද සපයා ඇති බවට ද වාර්තා වෙයි.

Exit mobile version