කොවිඩ් මාරයා කුඩා දැරියක් බිලිගනී.

12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගොස් ඇත.

අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය රාජගිරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි අතර නාවල, ජනාධිපති විද්‍යාලයේ  ඉගෙනුම ලබමින් සිට ඇත.

පස්ගිය සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනය වී ඇති අතර ඇයව පසුගිය සෙනසුරාදා දින කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුකර ඇති අතර පවුලේ සියලුදෙනා ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

Exit mobile version