බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයෙන් බස් රථයක් තුළ දී පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා වී ඇත.
අනතුරුව සිසුවියන් දෙදෙනා තම පියාට කරන ලද දැනුම්දීමකට අනුව සැකකරු අල්ලා ගැනීමට හැකියාව ලැබී ඇත.
අදාළ සැකකරු උව පරණගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.
අදාළ සැකකරු එලෙස සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහුගේ ගමන් මල්ලක තිබී එසේ කපන ලද කොණ්ඩ සොයාගෙන ඇත.
පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීමේ හෙළි වී ඇත්තේ අදාළ සැකකරු විවාහක අයෙක් බවත් ඔහු ආශාවට එවැනි දේ සිදුකළ බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරයි.