කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කර ගැනීම වෙනුවෙන්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝදනය නොකළ යුතු බවත්, එය එසේ වුවොත් මහා විනාශයක් සිදු විය හැකි බවට අතීතය දෙස ආපසු හැරී බැලීමේදී සිතා ගත හැකි බව ද ප්‍රකාශ කරන ලදී. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ 56 දරුවන්ගේ සංවිධානය කැදවා තිබූ විද්වත් දේශනයකදීය. මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ වැඩසටහන පැවැත්විණි.
කෙසේ වුවත් අවශ්‍ය සංශෝධන සහිතව ආරක්ෂක හමුදාවන්ට සිය කටයුතු සිදු කරගෙන යමින් තම අනන්න්‍යතාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එය අනුමත කර දිය යුතු බවද තම අදහස් දැක්වීමේදී ප්‍රකාශ කරන ලදී. 1975 පේරාදෙණියේ වීරසූරිය ඝාතනය, 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව හේතුවෙන් ඝාතයට ලක් වූ ත්රීමා විතාරණ ඇතුළු නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් පැවති ශිෂ්‍ය අරගලද , ඒවායින් ලද ප්රතිපලද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, වඩාත්ම සුදුසු දෙය නම්, විශ්ව විද්‍යාල පනත සම්මත නොකර, අලුතින් පනත්ද අනුමත නොකර , 2018 සිටම මෙම විශ්වවිද්‍යාලය පවත්වාගෙන ගිය ලෙසම පවත්වාගෙන යාමෙන් මෙම ගැටළු ඇති නොවන බවය. කෙසේ වුවද ප්රබුද්ධ සංවාදයකින් සමස්ත අධ්‍යාපන පද්ධතියටම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී දේශන පැවැත් වූ අතර මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි අනුශාසනාව සිදු කරන ලදී.