කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි .
අද පස්වරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව ද කැඳවූ බව වාර්තා විය.
අසල තිබූ වෙළෙඳ සැලකටද සුළු හානි සිදු වූ අතර ප්‍රදේශයේ ජනතාව ගින්න නිවීමට උත්සහ කළ ද පැවති සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම අපහසු වී ඇති බව සදහන් .